බාබර්ගේ සුපිරි ශතකය හා රවුෆ්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ නවසීලන්තයට තවත් පරාජයක්

Date:

බාබර් අසාම්ගේ නොදැවුණු විශිෂ්ඨ ශතකය හා හැරිස් රවුෆ්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් බාබර් අසාම් පන්දු 58 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 101 ක්. හයේ පහර 3කින් හා හතරේ පහර 11 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මොහමඩ් රිස්වාන් ලකුණු 50 (34) කට දැවී ගියා. ඉෆ්ටිකාර් අහ්මඩ් නොදැවී ලකුණු 33(19) යි. පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 29 ක් ලබා දෙමින්.

නවසීලන්ත පිළිතුරු ඉනිම අඩපන කළ හැරිස් රවුෆ් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මාර්ක් චැප්මන් ලකුණු 65 ක් පන්දු 40 කින් නොදැවී ලබා ගත්තා. ඒ, හයේ පහර හා හතරේ පහර 4 බැගින් වාර්තා කරමින්.

මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...