දිල්ලිය පරදා RCB කණ්ඩායමට ලකුණු 23ක ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 23ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද සමත් වුණා.

බැංගලූරුහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 174 ක් ලබාගත්තා.

විරාත් කෝලි ලකුණු 50කට දැවී ගිය අතර පන්දු යැවීමේදී මිචෙල් මාෂ් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු  9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 151 ක් පමණයි.

මනීෂ් පාන්ඩේ ලකුණු 50 යි. පන්දු යැවීමේදී විජයකුමාර් ව්‍යශාක් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.

වනිදු හසරංග පන්දුවාර තුනක් යොමු කරමින් ලකුණු 37කට එක් කඩුලක් බිද හෙලිමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...