දෝනිගේ මේ වාර්තාව ගැන ඔබ දැන සිටියාද?

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ඊයේ (12) රාත්‍රියේ දී තවත් කඩඉමක් පසු කිරිමට සමත් වූ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

ඒ, චෙන්නායි කණ්ඩායමේ නායකයා ලෙස තරග 200 ක් ක්‍රීඩා කරමින්.

තරග 200 කදී අයි.පී.එල් කණ්ඩායමක නායකත්වය දැරූ පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

ඉන්දියාවට 2011 වසරේ දී ලෝක කුසලානයක පහස විද ගැනීමට ද නායකත්වය ලබා දුන් මෙම අපූර්ව ක්‍රීඩකයා ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී යළිත් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹය ප්‍රදර්ශනය කිරීමට ද සමත් වුණා.

නමුත්, අවසන් මොහොතේ දී තරගය ජය ගැනීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ. ඒ අනුව එම තරගයෙන් රාජස්ථාන් කණ්ඩායම ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කළා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී දෝනි හයේ පහර දෙකක් ද එල්ල කරමින් රාජස්ථාන් කණ්ඩායමෙන් තරගයේ ජය උදුරා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වනු දක්නට ලැබුණා.

එම හයේ පහර දෙකත් සමගින් මේ වන විට අයි.පී.එල් ඉතිහාසයේ දී ඔහු අවසන් පන්දුවාරයේ දී එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 57 ක් බවට පත්ව තිබෙනවා.

වෙනත් කිසිදු පිතිකරුවෙකු අවසන් පන්දුවාරයේ දී හයේ පහර 50 ක් හෝ එල්ල කිරීමට මෙතෙක් සමත් වී නැහැ.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ කයිරන් පොලාඩ්. ඔහු අවසන් පන්දුවාරයේ දී එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාවේ එකතුව 33 ක්.

රවීන්ද්‍ර ජඩේජා හයේ පහර 26 ක් ද, හර්ඩික් පාන්ඩ්යා හයේ පහර 25 ක් ද එල්ල කර ඇති අතර, රෝහිත් ෂර්මා අවසන් පන්දුවාරයේ දී එල්ල කර ඇති හයේ පහර ගණන 23 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...