ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 18 වැනි තරගය අද(13) පැවැත්වෙනවා. ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.
තරගය රාත්රී 7.30ට පංජාබ් කණ්ඩායමේ සත්කාරක ක්රීඩාංගනය වන මොහාලි හීදී ආරම්භ වීමට නියමිතයි.
මේ වන විට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පෙරමුණ ගෙන සිටින ප්රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය ටයිටන්ස් කණ්ඩායමටත්, 6 වැනි ස්ථානය පංජාබ් කණ්ඩායමටත් හිමිව තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් පළමු තරග කිහිපය සදහා ක්රීඩා නොකළ පංජාබ් කණ්ඩායමේ එංගලන්ත පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් මේ වන විට පංජාබ් කිංග්ස් සංචිතය සමග එක්ව සිටින අතර, ඔහු බොහෝ දුරට අද තරගය සදහා ක්රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.
ඔහු කණ්ඩායමට පැමිණියහොත් මැතිව් ශෝර්ට් හට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.
ආබාධයක් හේතුවෙන් පසුගිය තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ භානුක රාජපක්ෂ අද තරගයට ඇතැම් විට ක්රීඩා කිරීමට ඉඩ පවතිනවා.
පසුගිය තරගයේ දී impact player ලෙස පිතිකරණයේ නිරත වූ සිකන්ඩ රාසාට අද තරගයේ දී ද කණ්ඩායමේ ස්ථානයක් අහිමි වීමට ඉඩ තිබෙනවා.
නේදන් ඇලස් පළමු තරගවලදී හොදින් දක්ෂතා දැක්වූ නමුත්, ඔහු වෙනුවට කාගිසෝ රබාඩා පංජාබ් කණ්ඩායමට ආදේශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද තරගය සදහා භානුක රාජපක්ෂ, ලියම් ලිවින්ග්ස්ටන්, සෑම් කරන් හා කාගිසෝ රබාඩා යන විදෙස් ක්රීඩකයින් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කිරීමට ඉඩ පවතිනවා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යා අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය තරගයට ක්රීඩා නොකළ නමුත්, ඔහු අද තරගයට ක්රීඩා කිරීමට නියමිතයි.

