දෝනි-ජඩේජා ප්‍රහාරය අභිබවා රාජස්ථාන් කණ්ඩායමට අවසන් පන්දුවේ දී තියුණු ජයක්

Date:

මහේන්ද්‍ර සිං දෝනිගේ හා රවීන්ද්‍ර ජඩේජාගේ ප්‍රහාරය අභිබවා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයෙන් ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(12) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා. චෙන්නායි නායක එම් එස් දෝනි එම කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දැරූ 200 වැනි තරගය මෙය වීම විශේෂත්වයක්.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා. ජොස් බට්ලර් ලකුණු 52 (36) යි. දෙව්දත් පඩික්කල් ලකුණු 38 කට දැවී ගිය අතර, රවිචන්ද්‍රන් අශ්වින් හා ශිම්රන් හෙට්මයර් (නොදැවී) ලකුණු 30 බැගින් ලබා ගත්තා.

මෙම තරගය සදහා ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණට එරෙහිව පන්දුවාර 4 තුළ දී ලකුණු 42 ක් වාර්තා කිරීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුණා. සියලු පන්දු යවන්නන් පාහේ ප්‍රහාරයකට ලක් වූ අවස්ථාවක රවීන්ද්‍ර ජඩේජා සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 21 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් දෙව්දත් පඩික්කල්ගේ හා සංජු සැම්සන්ගේ කඩුලු දවා ගැනීමට සමත් වුණා. ආකාශ් සිං හා තුෂාර් දේශ්පන්ඩේ ද කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි. ඩෙවෝන් කොන්නේ ලකුණු 50(38) ක් ද, අජින්කෙයා රහානේ ලකුණු 31(19) ක් ද රැස් කළා.

මැදපෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නායක දෝනි හා ජඩේජා 7 වැනි කඩුල්ලට ලකුණු 59* (30) ක සබදතාවයක් ගොඩ නගමින් චෙන්නායි පිල ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහක නිරත වූ නමුත් එය තරගයේ අවසන් පන්දුවේ දී අසාර්ථක වුණා.

දෝනි පන්දු 17 කින් නොදැවී ලකුණු 32 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහරක් සමගින්. ජඩේජා නොදැවී ලකුණු 25(15) යි. අවසන් පන්දුවට තරගය ජය ගැනීම සදහා චෙන්නායි කණ්ඩායමට ලකුණු 5ක් අවශ්‍ය වූ නමුත් සන්දීප් ෂර්මා යොමු කළ එම පන්දුවට මුහුණ දුන් දෝනිට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී ආර්. අශ්වින් හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...