Watch : සංජු සැම්සන් බින්දුවට දවා ගත් ජඩේජාගේ සුපිරි පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි ක්‍රීඩාංගනයේ දී අද (12) රාත්‍රියේ ආරම්භ වූ තරගයේ දී යි ඔහු ලකුණු 21 කට කඩුලු 2 ක් දවා ගනිමින් මෙලෙස සුපිරි පන්දු යැවීමක නිරත වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ නායක එම් එස් දෝනි පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා. ජොස් බට්ලර් ලකුණු 52 යි.

මෙම තරගය සදහා ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණට එරෙහිව පන්දුවාර 4 තුළ දී ලකුණු 42 ක් වාර්තා කිරීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුණා.

සියලු පන්දු යවන්නන් පාහේ ප්‍රහාරයකට ලක් වූ අවස්ථාවක ජඩේජා සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 21 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් දෙව්දත් පඩික්කල්ගේ හා සංජු සැම්සන්ගේ කඩුලු දවා ගැනීමට සමත් වුණා.

එකම පන්දුවාරයේ දී එම කඩුලු දෙකම දවා ගැනීමට ඔහු සමත් වූ අතර, එම පන්දුවාරයේ දී ම රවිචන්ද්‍රන් අශ්වින් ද පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ඔහුට අවස්ථාවක් උදා වුවද මොයීන් අලී අතින් උඩ පන්දුවක් ගිලිහී යාමත් සමග එම අවස්ථාව ජඩේජාට අහිමි වුණා.

කඩුලු දෙකේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...