Watch : හයේ පහරක් කඩුල්ලක් බවට පරිවර්තනය පත් වූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ තවත් සුවිශේෂී අවසානයක් සහිත තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට ඊයේ(10) රාත්‍රියේ උදා වුණා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර බැංගලූරුහී දී පැවැති තරගාවලියේ 15 වැනි තරගයේ දී යි.

ලක්නව් කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිල ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

මර්කස් ස්ටොයින්ස් පන්දු 30 කින් වේගවත් ලකුණු 65 ක් හා නිකලස් පූරාන් පන්දු 19 කින් වේගවත් ලකුණු 62 ක් වාර්තා කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පෙරළිකාර ජයග්‍රහනයක් උරුම කර දුන්නා.

මෙම හඹා යාමේ දී අයුෂ් බදෝනි ලකුණු 30 ක් රැස් කළේ පන්දු 24 කට මුහුණ දෙමින්. Impact Player ලෙස පිටියට පිවිස ලක්නව් කණ්ඩායමේ ජයග්‍රහනය තහවුරු කිරීම සදහා උත්සාහයක නිරත වෙමින් සිටි ඔහු ඉනිමේ 19 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේ දී යි දැවී ගියේ.

ඒ, අවාසනාවන්ත ලෙස හිට් විකට් දැවී යාමකට ගොදුරු වෙමින්. එම දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණේ අදාළ පන්දුවට ඔහු එල්ල කළ පහරින් පසුව පන්දුව හයේ සීමාව ද ඉක්මවා යාම හේතුවෙනුයි. (දර්ශන පහතින්)

ඔහු දැවී යන අවස්ථාව වන විට ලක්නව් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා පන්දු 8කින් අවශ්‍යව තිබුණේ ලකුණු 7ක් පමණයි. ඔහුගේ පිත්ත කඩුල්ලේ නොවැදුණේනම් ලක්නව් කණ්ඩායමට පන්දු 8කින් තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වන්නේ එක් ලකුණක් පමණයි. ඒ අනුව තරගය අවසන් පන්දුව දක්වා ඇදී යාමට මෙම කඩුල්ල හේතු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...