බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 25 වැනිදා තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(10) නිවේදනය කළා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.

සංචාරය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගයක් කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේ දී අප්‍රේල් 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ලබන 29 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි එක්දින තරගය මැයි දෙවැනිදා ද, තෙවැනි එක්දින තරගය මැයි 4 වැනිදා ද පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

20යි 20 තරගාවලිය මැයි 9 වැනිදා ආරම්භ වීමට පෙර බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු 20යි 20 තරගයක් මැයි 7 වැනිදා සී සී සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...