ඇලෙක්ස් කෙරී සියල්ලන් ගොනාට අන්දපු හැටි…

Date:

විස්සයි විස්ස තරග තුනකින් හා එක්දින තරග තුනකින් සමන්විත ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ (04) සවුත්හැම්ටන් ක්‍රීඩාංගණයේ පැවැති පළමු 20යි 20 තරගයේ දී වූ අපූරු සිදු වීමක් පිළිබද මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණේ එංගලන්ත කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

එංගලන්ත ඉනිමේ 16 වන පන්දුවාරය ක්‍රියාත්මක කළේ ග්ලේන් මැක්ස්වෙල් විසින්.

එම පන්දුවාරයේ දී 4 වන පන්දුව සදහා මුහුණ දුන්නේ ටොම් කරන්.

අදාළ පන්දුව මැක්ස්වෙල් විසින් යොමු කිරීමෙන් අනතුරුව කඩුල්ලේ බේල්ස් යුගලය බිඳ වැටී යාමක් සිදු වුණා.

ඒ අනුව බොහෝ දෙනෙකු සිතුවේ පිතිකරුවා කඩුල්ලේ ගැටීම හේතුවෙන් හිට් විකට් දැවී යාමේ අවස්ථාවකට ඔහු ගොදුරුව ඇති බවටයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම විනිසුරුවරුන්ගෙන් පිතිකරුවා දැවී ගිය අයෙකු දැයි විමසීමත් සමග එය තෙවන විනිසුරු වෙත යොමු කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළා.

කෙසේ වෙතත්, පුනරූපන නැරඹීමේ දී පෙනී ගියේ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරීගේ අත්වැරදීමක් හේතුවෙන් කඩුල්ල බිදී ගොස් ඇති බවයි.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...