අවසන් පන්දුවෙන් ඔස්ට්‍රේලියාවට අනපේක්ෂිත පරාජයක් – Match Report

Date:

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ඩාවිඩ් මලාන් ලකුණු 66ක් සහ ජොස් බට්ලර් ලකුණු 44ක් රැස් කළා.

සෙසු කිසිදු නම් දැරූ පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට නොහැකි වූ අතර, ක්‍රිස් ජෝඩන් නොදැවී ලකුණු 14ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇෂ්ටන් ඒගාර්, ග්ලේන් මැක්ස්වෙල් සහ කේන් රිචර්ඩ්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 58ක් සහ නායක ආරෝන් ෆින්ච් ලකුණු 46ක් ලබා ගත් අතර, ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 11කදී ගොඩනැගුණු සබදතාවය ලකුණු 98ක්.

ඒ වන විට ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සදහා පන්දු 54කදී ලබා ගත යුතුව තිබුණේ කඩුලු 9ක් අතැතිව ලකුණු 65ක් පමණයි.

ඉනිමේ අවසන් පන්දු 36 තුළ දී ද ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීමටනම් ලකුණු 39ක් පමණක් ලබා ගත යුතු වූ නමුත්, ඔවුන් එම පන්දුවාර 6 තුළ දී රැස් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 36ක් පමණයි.

ස්ටීව් ස්මිත් ලකුණු 18ක් සහ මර්කස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 23ක් රැස් කළ ද එය ඔස්ට්‍රේලියාවට ජයග්‍රහනයක් ගෙන ඒම සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් සහ අඩිල් රෂීඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවන තරගය හෙට(6) මෙරට වේලාවෙන් පස්වරු 6.45ට ආරම්භ වීමට නියමිතයි.

විශේෂ අවස්ථා පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...