49 හැවිරිදි තම්බේ CPL පිටියේ දැක් වූ වැඩ

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ප්‍රවීන් තම්බේ සමත් වූ බව ඔබ දන්නවා ඇති.

ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට ඔහු වාසනාවන්ත නොවුණත් ඉන්දීය ප්‍රිමියර් ලීගයේ තරග 33 ක් නියෝජනය කරමින් කඩුලු 28 ක් දවා ගැනීමට ඔහු සමත්ව සිටියා.

ප්‍රවීන් තම්බේ විසින් පසුගිය දෙවනදා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ පැවති තරගයක දී සුවිශේෂී දක්ෂතාවක් පන්දුවෙන් හා පන්දු රැකීමෙන් දැක්වීමට සමත් වුණා.

49 හැවිරිදි වියට ඉතාමත් ආසන්නව සිටින මේ අපූරූ ක්‍රීඩකයා දක්වා තිබු එම දක්ෂතාවය ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ පැසසුමට ලක්ව තිබුණා.

එම තරගයේදී ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 4 ක් යොමු කරන ඔහු ලකුණු 12 ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වුණා.

එමෙන්ම අදාළ තරගයේදී Khary Pierre යොමු කළ පන්දුවකට එවින් ලුවිස් ලබා දුන් උඩ පන්දුවක් තම්බේ විශිෂ්ඨ අන්දමින් රැක ගැනීම කාගෙත් අවධානයට දිනා ගත්තා.

එම අවස්ථා පහත දක්වා ඇති වීඩියෝ තුළින් නරඹන්න –


Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...