පිතිකරණයේ දුර්වලතා ශ්‍රී ලංකාවට කඩුලු 9ක දරුණු පරාජයක් උරුම කරයි

Date:

නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද(5) සිදු වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

ඩුනේඩින් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 14.4ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 4 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටි පසුබිමකයි සියලු පිතිකරුවන් ලකුණු 141 කට දැවී ගියේ. ඇඩම් මිල්න් ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළා.

ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 10 කටත්, පැතුම් නිස්සංක ලකුණු 9කටත් දැවී ගියා. අනතුරුව කුසල් පෙරේරා හා ධනංජය ද සිල්වා ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ පන්දු 46 කින්. කුසල් ලකුණු 35 කට දැවී ගිය අතර, ධනංජය ලකුණු 37 කට දැවී ගියා. චරිත් අසලංක ලකුණු 24යි.

නායක දසුන් ශානක යළිත් අසාර්ථක වෙමින් ලකුණු 7කට දැවී ගිය අතර, වනිදු හසරංග ලබා ගත්තේ ලකුණු 9 ක් පමණයි.

නවසීලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටිම් සයිෆර්ට් පන්දු 43 කින් නොදැවී ලකුණු 79 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 6 ක් හා හතරේ පහර 3 ක් ඇතුළත්.

ආරම්භක පිතිකරු චැඩ් බොව්ස් පන්දු 15 කින් ලකුණු 31 ක් රැස් කළ අතර, නායක ටොම් ලේතම් නොදැවී ලකුණු 20(30) යි. ලේතම් ලකුණු 14 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කසුන් රාජිත අතින් ගිලිහී ගියා.

ලේතම් හා සයිෆර්ට් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 106* (68) ක්.

දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය එළඹෙන 8 වැනිදා Queenstown හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...