දිල්ලිය පරදා ටයිටන්ස් පිලට කඩුලු 6ක ජයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(4) සමත් වුණා.

දිල්ලි හි පැවැති තරග‍ය ජය ගැනීම සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සායි සුදර්සන් පන්දු 48 කින් නොදැවී ලකුණු 62ක් වාර්තා කළ අතර, ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 31 යි (පන්දු 16කින්). පන්දු යැවීමේ දී අන්රික් නොකියා කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල ලකුණු 162 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදී යි.

නායක ඩේවිඩ් වෝනර් ලකුණු 37 ක්, අක්සාර් පටෙල් ලකුණු 36 ක් හා සර්ෆරාස් ඛාන් ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි හා රෂීඩ් ඛාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...