රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරු රාජත් පටිදර්ට මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධය සුව අතට පත් නොවීම හේතුවෙන්.
29 හැවිරිදි පටිදර් ජාතික ක්රිකට් ඇකඩමියේ දී සිය ආබාධයට ප්රතිකාර ලබා ගනිමින් සිටි අතර, මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර දී ඔහුට යම් අවස්ථාවක සිය සංචිතය සමග එක්වීමට හැකි වනු ඇති බවට බැංගලෝර් කණ්ඩායම අපේක්ෂාවෙන් පසුවුණා.
පසුගිය තරග වාරයේ දී රාජත් පටිදර් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් තරග 8කදී ලකුණු 333 ක් රැස් කළා. ඒ, 152.75 ක ප්රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.
Eliminator තරගයේ දී ඔහු සුපිරි ශතකයක් (පන්දු 54 කින් ලකුණු 112*ක්) ද වාර්තා කිරීමට සමත් වුණා.
ඔහු වෙනුවට වෙනත් ක්රීඩකයෙකු සංචිතයට නම් කිරීමට මෙතෙක් RCB කණඩායම කටයුතු කර නැහැ.

