බංග්ලාදේශය ලකුණු 180 ක් පිටුපසින්

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(4) ඩකා හි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තා.

හැරී ටෙක්ටර් ලකුණු 50 ක් ලබා ගත් අතර, ලෝර්කන් ටකර් ලකුණු 37 කට දැවී ගියා. කර්ටිස් කැම්පර් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 58 කට කඩුලු 5 ක් දවා ගත්තා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 34 ක්.

නජ්මුල් හොසේන් ශන්ටෝ සිය පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ටමිම් ඉක්බාල් ලකුණු 21 කට දැවී ගියා. මොමිනුල් හක් නොදැවී ලකුණු 12 යි.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 180 ක්.

අයර්ලන්තය මෙලෙස ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ වසර 4 කට පමණ පසුව වීම විශේෂත්වයක්. ඒ අනුව මෙම තරගයේ දී Murray Commins, Harry Tector, Curtis Campher, Lorcan Tucker, Graham Hume හා Ben White යන ක්‍රීඩකයින් ටෙස්ට් වරම් දිනා ගත්තා.

එමෙන්ම මීට පෙර සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කර ඇති Peter Moor ද මෙම තරගයේ දී අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...