Watch : තිලක් වර්මා ඉනිම අවසන් කළ සුපිරි හෙලිකොප්ටර් පහර

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට තිලක් වර්මා සමත් වුණා.

බැංගලෝර්හී දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව අද (2) රාත්‍රී 7:30 ට ආරම්භ වූ මෙම තරගයේදී ඔහු පන්දු 46 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 ක්.

හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මුම්බායි ඉනිමේ සියලු පිතිකරුවන් පාහේ අසාර්ථක වූ පසුබිමකයි තිලක් වර්මා මෙම සුපිරි ඉනිම දියත් කළේ.

මුම්බායි කණ්ඩායම මෙම තරගයේ දී නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171 ක්.

ඔහු මුම්බායි ඉනිමේ අවසන් පන්දුවට හෙලිකොප්ටර් පහරකින් එල්ල කළ හයේ පහර මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

හර්ෂාල් පටෙල් යොමු කළ පන්දුවකටයි ඔහු එම සුපිරි හයේ පහර එල්ල කළේ.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...