බට්ලර්, ජයිස්වාල්, සැම්සන්ගේ ප්‍රහාරය හා චෙහල්ගේ කඩුලු 4 රාජස්ථානයට ජය ගෙනෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 72 ක පරාජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අද(2) සිදු වුණා.

හයිදරාබාද් හි පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන් අතර, එම තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ රාජස්ථාන් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා ගනිමින්.

ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ජෝස් බට්ලර් පන්දු 22 කින් ලකුණු 54 ක් රැස් කළා.යශස්වි ජයිස්වාල් ද ලකුණු 54 ක් ලබා ගත්තේ පන්දු 37 කට මුහුණ දෙමින්. සංජු සැම්සන් ලකුණු 55 (32)යි.

පන්දු යැවීමේදී ෆසල්හක් ෆරූකී හා ටී නටරාජන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131 ක් පමණයි.

බලපෑම් ක්‍රීඩකයා හෙවත් Impact Player ලෙස පිතිකරණයේ නිරත වූ අබ්දුල් සමාද් නොදැවී ලකුණු 32 ක් ලබා ගත් අතර, මයාන්ක් අගාර්වල් ලකුණු 27 කට දැවී ගියා. උම්රාන් මලික් හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 19 ක් රැස් ක‍ළේ පන්දු 8 කින්.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 17 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...