දියාරු පිතිහරඹය ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි

Date:

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද(31) අහිමි වුණා.

ඒ, නවසීලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක පරාජයක් ලැබීමත් සමගයි. එම පරාජයත් සමග දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස පරාජයට පත් වීමට ද ශ්‍රී ලංකාවට සිදු වුණා.

ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් විය යුතු නමුත්, සුපර් ලීගය යටතේ සියලු තරග ශ්‍රී ලංකාව ක්‍රීඩා කර අවසන් වන විට ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ 9 වැනි ස්ථානයයි. ඒ, ප්‍රසාද ලකුණු 81 කට හිමිකම් කියමින්. ඉදිරියේ දී දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්ත අතර මෙන්ම අයර්ලන්තය හා බංග්ලාදේශය අතර ද එක්දින තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ශ්‍රී ලංකාවට සුපර් ලීගයේ 9 වැනි ස්ථානය ද ඉදිරියේ දී අහිමි වනු ඇති.

අද පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 158 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය පන්දුවාර 32.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චැඩ් බවුස් එක් ලකුණකට හා ටොම් බ්ලන්ඩල් ලකුණු 4 කට දවා ගැනීමට ලහිරු කුමාර සිය පළමු පන්දුවාරයේ දී ම සමත් වුණේ තරගය ජය ගැනීම පිළිබද යම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවට ලබා දෙමින්. අනතුරුව ඩැරල් මිචෙල් ලකුණු 6 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා. නායක ටොම් ලේතම් ලකුණු 8කට දැවී ගියේ දසුන් ශානකගේ පන්දුවක් හමුවේයි.

කෙසේ වෙතත්, අනතුරුව 5 වැනි කඩුල්ල සදහා ලකුණු 100 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගීමට විල් යන්ග් හා හෙන්රි නිකල්ස් සමත් වුණා. යන්ග් නොදැවී ලකුණු 86 ක් ද, නිකල්ස් නොදැවී ලකුණු 44 ක් ද රැස් කරමින් නවසීලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගියා.

හැමිල්ටන් හි Seddon Park ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පිතිහරඹය හමුවේ ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 157 ක් ලබා ගත්තේ පන්දුවාර 41.3 ක් අවසානයේ දී යි.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 13 කට සීමා කරමින් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 2කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා. චරිත් අසලංක ලකුණු 9යි. දිල්ෂාන් මදුෂංක වෙනුවට කණ්ඩායමට කැදවූ ධනංජය ද සිල්වා ලකුණු 13 කට දැවී ගියා.

පැතුම් නිස්සංක පන්දු 64 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57 ක්. ඔහු අද වාර්තා කළේ සිය 6 වැනි එක්දින අර්ධ ශතකයයි. හයේ පහරක් හා හතරේ පහර 8ක් පැතුම්ගේ ඉනිමට ඇතුළත් වූ අතර, ඔහු දැවී ගියේ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වෙමින්.

නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හෙන්රි ශිප්ලි හා ඩැරල් මිචෙල් ලකුණු 32 බැගින් ලබා දෙමින් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මෙම තරගයෙන් ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ක්‍රීඩා කිරීමට සිදු වනවා.

ජූනි 18 වැනිදා සිට සිම්බාබ්වේ හී දී පැවැත්වෙන එම තරගාවලියට රටවල් 10ක් ක්‍රීඩා කරන අතර, ඉන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වන්නේ රටවල් දෙකකට පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...