Watch : කුමාරගේ වේග පන්දුවට නවසීලන්තයේ පළමු කඩුලු 2 ගොදුරු වූ හැටි

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට හැමිල්ටන් හි Seddon Park ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 57 කට දුවද්දී දැවී ගිය අතර, නායක දසුන් ශානක ලකුණු 31 ක් රැස් කළා. චාමික කරුණාරත්න ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 14 කට කඩුලු 3 ක් ද, හෙන්රි ශිප්ලි ලකුණු 32 කට කඩුලු 3 ක් ද, ඩැරල් මිචෙල් ලකුණු 32 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙකම ලහිරු කුමාර විසින් දවා ගත්තේ සිය පළමු පන්දුවාරයේ දී යි.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ චැඩ් බොවුස් හා ටොම් බ්ලන්ඩල්.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...