ඉන්දියාවේ අභියාචනයෙන් පසු අයි.සී.සීය සිය තීරණය හකුලා ගනියි

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය සදහා යොදා ගත් ඉන්දෝර් හි Holkar ක්‍රීඩාංගනයේ තණතීරුව “දුර්වල” (poor) තණතීරුවක් ලෙස තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් ලබා දුන් තීරණය සංශෝදනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, තරග තීරකවරයාගේ තීරණයට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගොණු කළ අභියාචනයක් අයි.සී.සී අභියාචනා මණ්ඩලයක් විසින් සලකා බැලීමෙන් අනතුරුවයි.

තෙවැනි දිනයේ දිවා ආහාරයටත් පෙර අවසන් වූ අදාළ තරගයට යොදා ගත් තණතීරුව “දුර්වල” තණතීරුවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අවගුණ ලකුණු 3ක් පැනවීමට තරග තීරකවරයා කටයුතු කර තිබුණා.

නමුත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගොණු කළ අභියාචනයෙන් පසුව අයි.සී.සී ක්‍රිකට්-සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් හා අයි.සී.සී ක්‍රිකට් කමිටු සාමාජික රොජර් හාර්පර් ඇතුළත් අභියාචනා මණ්ඩලය විසින් තරගයේ වීඩියෝ දර්ශන සමාලෝචනයකට ලක් කිරීමෙන් පසුව තීරණය කර ඇත්තේ තරගයට යොදා ගත් තණතීරුව “දුර්වල” තණතීරුවක් ලෙස නොව, එය නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක් (below average) ඇති තණතීරුවක් බවට නියම කරන බවයි.

ඒ හේතුවෙන් මීට පෙර එම ක්‍රීඩාංගනයට ලබා දුන් අවගුණ ලකුණු තුන, එක් අවගුණ ලකුණක් දක්වා පහත දැමීමට අයි.සී.සී ය පියවර ගෙන තිබෙනවා.

අදාළ තරගයේ පළමු දිනයේ සිටම තණතීරුව දග පන්දු යවන්නන්ට වඩාත් උචිත ස්වභාවයක් ගනු ලැබූ අතර, පළමු දිනයේ දී පමණක් කඩුලු 14 ක් බිද වැටුණා.

තරගයේ දී දැවී ගිය කඩුලු 31 න් කඩුලු 26 ක් ම දග පන්දු යවන්නන් විසින් දවා ගත් අතර, වේග පන්දු යවන්නන් විසින් දවා ගත්තේ කඩුලු 4 ක් පමණයි. එක් කඩුල්ලක් දුවද්දී දැවීයාමක් ලෙස දැවී ගියා.

“තණතීරුව ගොඩක් වියළියි. පිතිකරණය හා පන්දු යැවීම අතර සමබරතාවයක් ලබා දුන්නේ නැහැ. ආරම්භයේ සිටම දග පන්දු යවන්නන්ට සහාය දක්වනු ලැබුවා.” යනුවෙන් තරග තීරක ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රෝඩ් සිය වාර්තාවේ සදහන් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...