“ලසිත් කියන්නේ අපේ ශක්තියේ ප්‍රධාන සාධකයක්” – මුම්බායි හිමිකරු අම්බානි

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යනු මුම්බායි කණ්ඩායමේ ශක්තියේ ප්‍රධාන සාධකයක් බව එහි හිිමිකරු ආකාශ් අම්බානි පවසනවා.

මෙවර තරග වාරය සදහා මාලිංග ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ලසිත් කියන්නේ පුරාවෘත්තයක්. ලසිත්ගේ විශිෂ්ඨ දක්ෂතාවයන් අපට මෙම තරග වාරයේ දී අහිමි වන බව ප්‍රතික්ෂේප කරන්න බැහැ. කොහොමවුණත් මේ අවස්ථාවේ පවුලත් සමග ශ්‍රී ලංකාවේ රැදී සිටීමට ලසිත්ගේ ඇති අවශ්‍යතාවය අපි හොදින් තේරුම් අරගෙන තියෙනවා.

ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් නිසා මෙවර තරග වාරයෙන් ඉවත් වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහු වෙනුවට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් මුම්බායි කණ්ඩායමට ආදේශ කර තිබෙනවා.

ලසිත් මාලිංග යනු මුම්බායි කණ්ඩායමේ මෙන්ම අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...