ටස්කින්ගේ සුපිරි පන්දුවාරය බංග්ලාදේශයට ලකුණු 22 ක ජයක් හිමි කර දෙයි

Date:

අයර්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 22 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් අයර්ලන්තයට පන්දුවාර 8 කදී තරගය ජය ගැනීම සදහා ලකුණු 104 ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේ වෙතත්, අයර්ලන්තයට පන්දුවාර 8 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 81 ක් පමණයි.

බංග්ලාදේශ ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය පන්දුවාර 7.1 කදී ලකුණු 91 ක්. ලිටොන් දාස් පන්දු 23 කින් ලකුණු 47 ක් රැස් කළ අතර, රෝනි තලුක්දාර් පන්දු 38 කින් ලකුණු 67ක් ලබා ගත්තා. ශමිම් හොසෙයින් ලකුණු 30 (පන්දු 20කින්) යි.

පන්දු යැවීමේ දී ක්‍රෙයිග් යන්ග් ලකුණු 45 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ඉනිමේ පළමු කඩුල්ලට පන්දුවාර 2.4 ක් තුළ ලකුණු 32 ක් එක් කිරීමට පෝල් ස්ටර්ලින්ග් හා Ross Adair සමත් වුණා. Adair ලකුණු 13 කට දවා ගැනීමට හසාන් මහ්මුද් සමත් වූ අතර, අනතුරුව ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ලෝර්කන් ටකර්, පෝල් ස්ටර්ලින්ග් හා ජෝර්ජ් ඩොක්‍රෙල් දවා ගනිමින් අයර්ලන්ත හඹා යාම සම්පූර්ණයෙන්ම අඩපන කිරීමට ටස්කින් අහ්මඩ් සමත් වුණා.

Gareth Delany ලකුණු 21 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 19 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 16 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...