පළමු WPL ශූරතාවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (WPL) පළමු ශූරයින් ලෙස ඉතිහාසගත වීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම අද(26) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත් කරමින්.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 131 ක් ලබා ගනිමින්.

නායිකා මැග් ලෙනින් ලකුණු 35 ක් රැස් කළ අතර, ශීකා පාන්ඩේ හා රාධා යාදව් නොදැවී ලකුණු 27 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී Issy Wong ලකුණු 42 කට කඩුලු 3 ක් ද, හෙයිලි මැතිව්ස් ලකුණු 5 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 19.3 කදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Nat Sciver-Brunt පන්දු 55 කින් නොදැවී ලකුණු 60 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ සිය ඉනිමට හතරේ පහර 7 ක් ද ඇතුළත් කර ගනිමින්. නායිතා හර්මන්ප්‍රීට් කොවුර් ලකුණු 37යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...