මුම්බායි ඉන්දියන්ස් අවසන් මහා තරගයට

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ(24) රාත්‍රියේ පැවැති Eliminator තරගයෙන් යූපී වොරියර්ස් කණ්ඩායම පරදා ලකුණු 72 ක ජයක් වාර්තා කරමින්.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

Nat Sciver-Brunt නොදැවී ලකුණු 72 ක් වාර්තා කළේ පන්දු 38 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 39 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වොරියර්ස් පිලට පන්දුවාර 17.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

Kiran Navgire ලකුණු 43 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Issy Wong ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක් ද සමගින්.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ දී WPL පළමු ශූරයින් බවට පත් වීම සදහා තරග වදිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...