වසර 11ක් බලා සිටි ඓතිහාසික ජය පන්දු යවන්නන් ඇෆ්ඝනිස්තානයට උරුම කරයි

Date:

වසර 11 ක කාලයක් පුරා පාකිස්තානයට එරෙහිව සිය මංගල ජාත්‍යන්තර තරග ජය වාර්තා කිරීමට මාන බලමින් සිටි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එම ඓතිහාසික තරග ජය වාර්තා කිරීමට ඊයේ (24) රාත්‍රියේ හැකි වුණා.

ඒ, පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ දක්ෂතා හා යළි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට කැදවූ මොහමඩ් නබීගේ අගනා ඉනිම හමුවේ පාකිස්තානයට එරෙහි තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 92 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය ඉනිම නිමා වීමට පන්දු 13 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

මොහමඩ් නබී පන්දු 38 කින් නොදැවී ලකුණු 38 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහනය තහවුරු කර දුන්නේ mid-off කලාපයෙන්  දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්.

නජිබුල්ලාහ් සඩ්රාන් නොදැවී ලකුණු 17 ක් හා රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 16 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ඉහ්සනුල්ලාහ් ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිම වෙනුවෙන් ඉමාඩ් වසීම් ලකුණු 18 (32) ක් ද, සයීම් අයුබ් ලකුණු 17 ක් ද ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි, මුජීබ් උර් රහ්මාන් හා මොහමඩ් නබී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...