Watch : පන්දුව කඩුල්ලේ ගෑවී ගියත් පිටියේ රැදී සිටීමට ඇලන් වාසනාවන්ත වූ හැටි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (25) ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් 30 හැවිරිදි දකුණත් පිතිකරු චැඩ් බවුස් (Chad Bowes) හා 23 හැවිරිදි පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවින්ද්‍ර එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවට මුහුණ දුන්නේ ද චැඩ් බවුස්.

එම පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය ජාත්‍යන්තර එක්දින දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

කසුන් රාජිත යොමු කළ දෙවැනි පන්දුවාරයේ දී ෆින් ඇලන් මුහුණ දුන් පන්දුවක් කඩුල්ලේ දැවටී කඩුලු රකින්නා අතට ඇදී ගිය සිදුවීමක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

පන්දුව කඩුල්ලේ ගෑවී ඇදී ගියද කඩුල්ලේ බේල්ස් ඉවත් නොවීම හේතුවෙන් ෆින් ඇලන් තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා. (දර්ශන පහතින්)

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ඇතුළත් කර නොමැති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් යළි එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා. දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද අවසන් 11 දෙනා අතරට නම් කර නැහැ.

කසුන් රාජිත, ලහිරු කුමාර හා ඩිල්ෂාන් මදුෂංක ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරන අතර, චාමික කරුණාරත්න වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත්, වනිදු හසරංග දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත් කණ්ඩායමට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...