කඩුලු 10 ක ජයකින් බංග්ලාදේශය තරගාවලිය දිනයි

Date:

අයර්ලන්තය සමග පැවැති තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ, ඊයේ(23) පැවැති තෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමින්.

සිල්හෙට් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 28.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 101 ක් පමණයි.

කර්ටිස් කැම්පර් ලකුණු 36 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 32 කට කඩුලු 5 ක් දවා ගත්තා. ටස්කින් අහ්මඩ් බිද හෙලූ කඩුලු ගණන 3ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 13.1 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලිටොන් දාස් පන්දු 38 කින් නොදැවී ලකුණු 50 ක් රැස් කළ අතර, නායක ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 41 යි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 183 ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...