ආසියානු කුසලානය රටවල් දෙකකදී ; ශ්‍රී ලංකාවේ යෝජනාවත් ප්‍රතික්ෂේප කෙරේ

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික ගැටලු පදනම් කර ගනිමින් මෙම පියවර ගැනීමටයි පසුගිය සති අන්තයේ දී ඩුබායි හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමකදී සාකච්ඡා කර ඇත්තේ.

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් දරන නමුත්, තරගාවලිය සදහා පාකිස්තානයට පැමිණීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරගාවලිය පාකිස්තානයේ දී ම පවත්වා, ඉන්දියාව ක්‍රීඩා කරන තරග පමණක් වෙනත් රටකදී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව ආසියානු කුසලානයේ තරග 5 ක් ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය හෝ එංගලන්තය යන රටවලින් එක් රටක පැවැත්වීම පිළිබද මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය සදහා තරග 13 ක් ඇතුළත් අතර, ඉන්දියාව හා පාකිස්තානය තවත් සුදුසුකම් ලබන රටක් සමගින් මූලික වටයේ දී එක් කාණ්ඩයකින් තරග වැදීමට නියමිතයි.

තරගාවලිය පාකිස්තානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නම් තරගාවලිය සදහා පාකිස්තානය ක්‍රීඩා නොකරන බවට ද එරට ක්‍රිකට් ආයතනය අනතුරු අගවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සමස්ත තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා කර ඇතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය එය ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...