වෙස්ලිගේ කඩුලු ත්‍රිත්වය හමුවේ සිම්බාබ්වේ පිලට ලකුණක තියුණු ජයක්

Date:

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(23) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 271 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 270 ක් පමණයි.

Max O’Dowd ලකුණු 81 ක් හා Tom Cooper ලකුණු 74 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Sikandar Raza හා Wessly Madhevere කඩුලු 3 බැගින් බිද හෙලුවා. Madhevere පිට පිට පන්දු 3කදී කඩුලු තුන දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීම කැපී පෙනුණා. සිම්බාබ්වේ දේශය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකදී එලෙස කඩුලු ත්‍රිත්වයක් දවා ගත් තෙවැනි පන්දු යවන්නා වන්නේ ඔහුයි.

තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනය සදහා ලකුණු 15 ක් ලබා ගැනීමට නෙදර්ලන්තයට අවශ්‍ය වූ අතර, අවසන් පන්දුවේ දී ජයග්‍රහනය සදහා ලකුණු 4ක් අවශ්‍ය වුණා.

කෙසේ වෙතත්, එම පන්දුවට දුවද්දී දැවී යාමක් ද සහිතව නෙදර්ලන්තයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් Sean Williams ලකුණු 77 ක් රැස් කළ අතර, Clive Madande ලකුණු 52 කට දැවී ගියා. පන්දු යැවීමේ දී Shariz Ahmad ලකුණු 43 කට කඩුලු 5 ක් දවා ගත්තා.

මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට ද සිම්බාබ්වේ පිල සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...