ස්ටක් පන්දු සියයට බෑ කියයි ; අද පැවැත්වෙන කෙටුම්පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 ක්

Date:

එංගලන්තයේ පැවැත්වෙන “හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ 2023 අදියරෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද(23) මෙරට වේලාවෙන් රාත්‍රී 10:30 ට ආරම්භ වීමට නියමිත හන්ඩ්‍රඩ් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් (Draft) ඔහු සිය නම ඉවත් කර ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

මිචෙල් ස්ටක් පවුම් 125,000 ක කාණ්ඩය යටතේ කෙටුම්පත් කිරීම සදහා ලියාපදිංචි වී තිබුණා.

ඔස්ට්‍රේලියාවේ ජායි රිචර්ඩ්සන්, දකුණු අප්‍රිකාවේ අන්රික් නොකියා, ඒඩ්න් මාක්‍රම් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් යන ක්‍රීඩකයින් ද කෙටුම්පත් කිරීමේ අවස්ථාවෙන් ඉවත්ව ඇති බව සදහන්.

එංගලන්ත – ඔස්ට්‍රේලියා අලුබදුන ටෙස්ට් තරගාවලිය අවසන් වීමට නියමිතව ඇති දිනයෙන් පසු දින ආරම්භ වන මෙවර පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් රැසක් එක්වන්නේ නැහැ. ඒ අනුව පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර්, ජොෂ් හේසල්වුඩ්, මාර්නස් ලබුෂේන්, ස්ටීවන් ස්මිත් වැනි ක්‍රීඩකයින්ගේ නම් ක්‍රීඩක කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුවට ද ඇතුළත් වී නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ක්‍රීඩක කෙටුම්පත් කිරීම සදහා ලියාපදිංචි වී ඇති අතර, ඉන් මූල්‍ය කාණ්ඩයක් යටතේ ලියාපදිංචි වී ඇත්තේ ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණයි. සෙසු ක්‍රීඩකයින් කිසිදු කාණ්ඩයක් යටතේ ලියාපදිංචි වී නැහැ.

මෙවර කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව මීට පෙර නිවේදනය කෙරුණු අතර, ඒ අනුව මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද සිය සංචිතයේ රදවා ගැනීමටයි පියවර ගත්තේ. පවුම් 125,000 මුදලක් යටතේ ඔහුව රදවා ගැණුනා.

මෙවර හන්ඩ්‍රඩ් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව හා ඔවුන් ලියාපදිංචි වී ඇති කාණ්ඩය (£ – පවුම්) පහතින් –

ක්‍රීඩක ලැයිස්තුව –

  • මහීෂ් තීක්ෂණ – £75,000
  • ප්‍රභාත් ජයසූරිය – £50,000
  • ඇන්ජෙලෝ මැතිව්ස් – £50,000
  • මතීෂ පතිරණ – £50,000
  • භානුක රාජපක්ෂ – £50,000
  • දුෂ්මන්ත චමීර – £40,000
  • කසුන් රාජිත – £40,000
  • දසුන් ශානක – £40,000
  • චරිත් අසලංක – No Reserve
  • අශේන් බණ්ඩාර – No Reserve
  • දිනේෂ් චන්දිමාල් – No Reserve
  • සචිදු කොළඹගේ – No Reserve
  • නිරෝෂන් දික්වැල්ල – No Reserve
  • බිනුර ප්‍රනාන්දු – No Reserve
  • දුෂාන් හේමන්ත – No Reserve
  • චාමික කරුණාරත්න – No Reserve
  • රමේෂ් මෙන්ඩිස් – No Reserve
  • පැතුම් නිස්සංක – No Reserve
  • ලක්ෂාන් සදකැන් – No Reserve
  • තිසර පෙරේරා – No Reserve
  • ඉසුරු උදාන – No Reserve
  • ජෙෆ්ර වැන්ඩර්සේ – No Reserve

ක්‍රීඩිකාවන් තිදෙනා –

  • චමරි අතපත්තු
  • විශ්මි ගුණරත්න
  • ඕෂදී රණසිංහ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...