මොහමඩ් නබීට කැදවීමක්

Date:

පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් හා අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක, හිටපු නායක මොහමඩ් නබී යළි සංචිතයට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

ඔහු පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වූ අතර, පසුගිය මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගාවලිය සදහා ඔහුව නම් කර තිබුණේ නැහැ.

ඒ හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් ද අවිනිශ්චිතතාවයක් මතුව තිබූ නමුත්, 38 හැවිරිදි මොහමඩ් නබීව එළඹෙන 24, 26 හා 27 යන දිනවලදී සාජා හී දී පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය සදහා නම් කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

හස්රටුල්ලාහ් සසායි හා රහ්මට් ශාහ් සංචිතයෙන් ඉවත් කිරීමට තිරණය කර ඇති අතර, මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති Sediqullah Atal සංචිතයට නම් කර තිබෙනවා.

Squad:

Rashid Khan (C), Rahmanullah Gurbaz (WK), Ibrahim Zadran, Usman Ghani, Sediqullah Atal, Najibullah Zadran, Afsar Zazai, Karim Janat, Mohammad Nabi, Azmatullah Omarzai, Gulbadin Naib, Sharafuddin Ashraf, Noor Ahmad, Mujeeb Ur Rehman, Fareed Ahmad, Fazal Haq Farooqi, Naveen Ul Haq

Reserve players:

Nangyal Kharoti, Zahir Khan and Nijat Masoud.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...