විජයකාන්ත් වියස්කාන්ත් IPL තරගාවලියට

Date:

ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන විජයකාන්ත් වියස්කාන්තට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සමග සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

21 හැවිරිදි ඔහු දැල් පන්දු යවන්නෙකු (Net Bowler) ලෙසයි මෙවර අයි.පී.එල් තරගාවලියට එක්වීමට නියමිතව ඇත්තේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් එලෙස ඔහුව දැල් පන්දු යවන්නෙකු ලෙස සිය සංචිතය සමග එක් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර කටයුතු කරන අතර, කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගයි.

නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Chattogram Challengers කණ්ඩායම වෙනුවෙන් ද විජයකාන්ත් වියස්කාන්ත් ක්‍රීඩා කළා.

මෙවර අයි.පී.එල් තරගාවලිය එළඹෙන 31 වැනිදා සිට මැයි 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...