රහීම්ගේ වාර්තාගත වේගවත් ශතකය අපතේ යයි

Date:

බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවෙකු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ දී වාර්තා කළ වේගවත්ම ශතකයේ හිමිකරුවා බවට පත් වෙමින් මුෂ්ෆිකර් රහීම් නොදැවී රැස් කළ ලකුණු 100 අපතේ යමින් අයර්ලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව ඊයේ (20) නිමා වුණා.

සිල්හෙට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 6 ක් දැවී ලකුණු 349 ක් ලබා ගත්තා.

එය එක්දින ජාත්‍යන්තර පිටියේ දී බංග්ලාදේශය ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව යළි බිද දැමීමක් බවට පත් වුණා. ඔවුන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේ දී කඩුලු 8 ක් දැවී ලකුණු 338 ක් ලබා ගනිමින් මීට පෙර අදාළ වාර්තාව පිහිටුවා තිබුණා.

බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවේ දී සිය ශතකය සම්පූර්ණ කළ රහීම්ගේ ඉනිම පන්දු 60 කින් වාර්තා වූ අතර, ඊට හයේ පහර 2 ක් හා හතරේ පහර 14 ක් ඇතුළත් වුණා.

මීට පෙර බංග්ලාදේශය වෙනුවෙන් වේගවත්ම එක්දින ශතකය වාර්තා කර තිබුණේ ශකිබ් අල් හසාන් විසින්. ඔහු 2009 වසරේ දී සිම්බාබ්බේ කණ්ඩායමට එරෙහිව පන්දු 63 කින් ශතකයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

ඊයේ තරගයේ දී බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළ ලිටොන් දාස් ලකුණු 70 ක් ද, නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 73 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Graham Hume ලකුණු 58 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ බංග්ලාදේශ කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...