බංග්ලාදේශය පරදා තුන්කොන් තරගාවලියේ දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී කඩුලු 5 කින් පරාජයට පත් වූයේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 229 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 44.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා

සිනෙත් ජයවර්ධන පන්දු 122 කින් ලකුණු 101 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 11 ක් සමගින්. හිරුන් කපුරුබණ්ඩාර ලකුණු 52 ක් හා හිරාන් ජයසුන්දර් ලකුණු 35 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Jishan Alam ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඊයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් නායක Ahrar Amin ලකුණු 50 ක් ද, Jishan Alam ලකුණු 40 ක් ද රැස් කළා. මල්ෂ තරුපති ලකුණු 35 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...