Watch : තරංග තරගාවලියේ වීරයා කරමින් ලෙජන්ඩ්ස් ශූරතාවය ආසියානු ලයන්ස් කණ්ඩායමට

Date:

ආරම්භක පිතිකරුවන් වන උපුල් තරංගගේ හා තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් Legends League Cricket Masters (LLC Masters) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Asia Lions කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී World Giants කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කරමින්.

කටාර්හි දෝහා නුවර පැවැති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලයන්ස් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 23 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී සිටියදීයි.

ලයන්ස් ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 115 ක්. පළමු කඩුල්ල ලෙස උපුල් තරංග ලකුණු 57 කට දැවී ගියා. පන්දු 28 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

ඔහුගේ ආරම්භක සගයා වූ ඩිල්ෂාන් පන්දු 42 කින් ලකුණු 58 ක් රැස් කළේ හතරේ පහර 8 ක් සමගින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ජැක්ස් කලිස් පන්දු 54 කින් නොදැවී ලකුණු 78 ක් ලබා ගැනීමට සමත් වුණා. එම ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 5කින් වර්ණවත් වුණා.

අවසන් තරගයේ විරයා ලෙස ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 14 කට කඩුලු 2 ක් බිද හෙලූ අබ්දුර් රසාක් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ උපුල් තරංගයි. තරංග මෙම තරගාවලියේ දී ලකුණු 221 ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...