අවසන් පන්දුවෙන් පාකිස්තානයට තියුණු ජයක්

Date:

එංගලන්ත කණ්ඩායම සමග පැවති තෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පැරදුමකින් තොරව අවසන් කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

මැන්චෙස්ටර් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කිරීමට එංගලන්ත නායක ඉයන් මෝගන් තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් බිඳ වැටී  ලබා ගත් ලකුණු සංඛ්‍යාව 190 ක්.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ 39 හැවිරිදි මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 86 ක් රැස්කළේ පන්දු 52කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහරවල් 6 ක් හා හතරේ පහරවල් 4 ක් ඇතුලත්.

සිය මංගල ජාත්‍යන්තර තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කරමින් පන්දු 33 කදී ලකුණු 54 ක් රැස්කිරීමට 19 හැවිරිදි හෙදර් අලී සමත් වුණා.

ඔහු වාර්තා අතරට එක් වුණේ පාකිස්තානය වෙනුවෙන් මංගල විස්සයි විස්ස තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසයි.

නායක බබාර් අසාම් ලකුණු 21(18) ට දැවී ගියා.

පන්දු යැවීමේදී ක්‍රිස් ජෝඩන් කඩුලු 2 ක් බිඳ හෙලූ අතර, ටොම් කරන් හා මෝයින් අලී අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 191 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 185 ක් පමණයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මොයින් අලී පන්දු 33 කදී ලකුණු 61 ක් ලබා ගත්තා.

ටොම් බැන්ටන් ලකුණු 46(31) ක් සහ සෑම් බිලින්ග්ස් ලකුණු 26 ක් රැස් කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වහබ් රියාස් පන්දුවාර 4 කදී ලකුණු 26 ක් පමණක් ලබා දී බිඳ හෙලූ කඩුලු ගණන 2 ක්.

ශහීන් ශාහ් අෆ්රිඩි ද කඩුලු 2 ක් බිද හෙලූ අතර, ඉමාඩ් වසීම් හා හැරිස් රවුෆ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව තියුණු අවසානයක් ගත් මෙම තරගයෙන් පාකිස්තානය ලකුණු පහක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළා.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ මොහොමඩ් හෆීස්.

තරගයේ විශේෂ අවස්ථා –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...