ශහීන්ගේ තුන් ඉරියව් දක්ෂතා ලාහෝර් පිලට එක් ලකුණක තියුණු ජයකින් PSL ශූරතාවය හිමි කර දෙයි

Date:

අඛණ්ඩව දෙවැනි වරටත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පරදා එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින්.

ලාහෝර් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලාහෝර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත්තා.

අබ්දුල්ලාහ් ශෆික් පන්දු 40 කින් ලකුණු 65 ක් රැස් කළ අතර, නායක ශහීන් ශාහ් අෆ්රිඩි පන්දු 15 කින් වේගවත් ලකුණු 44 ක් ‍නොදැවී වාර්තා කළා. ශහීන්ගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත්.

ෆකාර් සමාන් ලකුණු 39 ක් හා Mirza Baig ලකුණු 30 ක් රැස් කරමින් ලාහෝර් ඉනිම ශක්තිමක් කළා.

පන්දු යැවීමේ දී උසාමා මීර් ලකුණු 24 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුල්තාන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 199 ක් පමණයි.

රයිලි රොසෝව් පන්දු 32 කින් ලකුණු 52 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්. නායක මොහමඩ් රිස්වාන් ලකුණු 34 යි. කුෂ්දිල් ශාහ් ලකුණු 25 කට දුවද්දී දැවී ගිය අතර, ටිම් ඩේවිඩ් ලකුණු 20යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 51 කට කඩුලු 4 ක් බිද හෙලුවා. රෂීඩ් ඛාන් ලකුණු 26 කට බිද හෙලූ කඩුලු ගණන 2 ක්.

තියුණු අවසානයක් ගත් අවසන් පන්දුවාරය පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...