PSL අවසන් මහා තරගය අද

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(18) පැවැත්වෙනවා. ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම හා මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය ලාහෝර් හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

මුල්තාන් කණ්ඩායම (160/5) අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier) ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම (76/10) පරදා ලකුණු 84 ක ජයක් වාර්තා කරමින්.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator 1 තරගය පැවැත්වුණේ පෙෂාවර් සල්මි කණ්ඩායම (183/8) හා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම (171/6) අතරයි. එම තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කළ සල්මි කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Eliminator 2 තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව Eliminator 2 තරගය ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණේ Eliminator 1 තරගයෙන් ජය ගත් පෙෂාවර් සල්මි කණ්ඩායම හා Qualifier තරගය පරාජයට පත් වූ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම අතරයි.

ලාහෝර් හී දී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සල්මි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලැන්ඩර්ස් පිල ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...