බංග්ලාදේශ එක්දින සංචිතයට වෙනසක්

Date:

ආරම්භක පිතිකරු රෝනි තලුක්දාර් පළමු වරට බංග්ලාදේශ එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

ආබාධයකට ලක් වූ සාකීර් හසාන් වෙනුවටයි ඔහුව අයර්ලන්තයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට ආදේශ කර ඇත්තේ.

පුහුණුවීම් අතරතුර දී සාකීර් හසාන්ගේ ඇගිල්ලක ආබාධයක් සිදුව ඇති අතර, ඒ හේතුවෙනුයි ඔහුට තරගාවලියේ ඉවත් වීමට සිදු වුණේ.

ඔහුට සති 3ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

රෝනි තලුක්දාර් පසුගියදා නිමා වූ එංගලන්ත 20යි 20 තරගාවලිය සදහා ද බංග්ලාදේශ සංචිතයට කැදවූ අතර, ඔහුව එලෙස 20යි 20 සංචිතයට කැදවනු ලැබුවේ වසර 8කට පසුවයි.

බංග්ලාදේශය හා අයර්ලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට(18) සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි.

Ban Squad for first two ODIs:

Tamim Iqbal (C), Litton Kumer Das, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Afif Hossain, Yasir Ali Chowdhury, Towhid Hridoy, Mehidy Hasan Miraz, Nasum Ahmed, Taskin Ahmed, Ebadot Hossain Chowdhury, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Rony Talukdar

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...