කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක් ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. අද පෙරවරුවේ සිට පැවැති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගය නියමිත වේලාවට (මෙරට වේලාවෙන් අලුයම 3:30 ට) ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව මෙරට වේලාවෙන් අලුයම 5.30 ට ලබා ගත යුතු වන දිවා ආහාරය ද අලුයම 5 ට ලබා දීමටයි තීරණය කෙරුණේ.

විනිසුරුවරුන් අවස්ථා කිහිපයකදී පිටිය පරීක්ෂා කිරීමෙන් පසුව තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6:40 ට ආරම්භ කිරීමට තීරණය කළා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව නිශාන් මදුෂ්ක කණ්ඩායමට කැදවා ඇත්තේ නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි. මෙය නිශාන් මදුෂ්කගේ මංගල ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

මේ අතර, ආබාධයකට ලක් වූ නෙයිල් වෑග්නර් වෙනුවට ඩග් බ්‍රේස්වෙල් අද තරගය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම සදහා ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කණ්ඩායම් දෙක –

New Zealand XI:

Tom Latham, Devon Conway, Kane Williamson, Henry Nicholls, Daryl Mitchell, Tom Blundell(wk), Michael Bracewell, Doug Bracewell, Tim Southee(c), Matt Henry, Blair Tickner

Sri Lanka XI:

Oshada Fernando, Dimuth Karunaratne(c), Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Nishan Madushka(wk), Kasun Rajitha, Prabath Jayasuriya, Lahiru Kumara, Asitha Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...