දකුණු අප්‍රිකා එක්දින සංචිතයට වෙනස්කම් දෙකක්

Date:

ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට වේන් පාර්නෙල් එක්දින සංචිතයට ආදේශ කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී මෝල්ඩර් මෙලෙස ආබාධයකට ලක්ව තිබුණා.

මේ අතර, ටබ්රයිස් ශම්සි ද සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ආබාධයකට ලක් වූ කේෂාව් මහරාජ් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට (16) දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ලන්ඩන් හි Buffalo Park ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

South Africa squad :

Temba Bavuma (c), Gerald Coetzee, Quinton de Kock, Tony de Zorzi, Bjorn Fortuin, Sisanda Magala, Lungi Ngidi, Ryan Rickelton, Wayne Parnell, Andile Phehlukwayo, Tabraiz Shamsi, Tristan Stubbs, Lizaad Williams, Rassie van der Dussen. Third ODI only: Marco Jansen, Heinrich Klaasen, Aiden Markram, David Miller

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...