ශ්‍රී ලංකා යොවුන් පිල අද අබුඩාබියට ; තරග කාලසටහන හා සංචිතය මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා හා ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ සංචිතය අද(15) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

අප්‍රේල් 3 වැනිදා දක්වා ශ්‍රී ලංකා යොවුන් පිල එරට රැදී සිටීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය සමග තුන්කොන් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන එක්දින තරග දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේ.

තරගාවලි දෙකේ තරග කාලසටහන හා ශ්‍රී ලංකා යොවුන් සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශෙවෝන් ඩැනියල්.

තුන්කොන් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.

22 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයත්, 26 වැනිදා යළි බංග්ලාදේශයට එරෙහි තරගයත්, 28 වැනිදා යළි ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයත් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් තරගය මාර්තු 30 වැනිදායි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිත අතර, සෙසු සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන්නේ Tolerance Oval ක්‍රීඩාංගනයේ දී යි.

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරග දෙක අප්‍රේල් පළමු වැනිදා හා දෙවැනිදා Tolerance Oval ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා සංචිතය –

1.) Shevon Daniel
2.) Hirun Kapurubandara
3.) Malsha Tharupathi
4.) Dinura Kalupahana
5.) Sineth Jayawardena
6.) Vihas Thewmika
7.) Vishen Halambage
8.) Hiran Jayasundara
9.) Traveen Mathew
10.) Theeraka Ranathunga
11.) Vishva Lahiru
12.) Duvindu Ranatunga
13.) Manula Kularathne
14.) Garuka Sanketh
15.) Vishwa Rajapaksa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...