ඉතිහාසය අලුත් කරමින් බංග්ලාදේශය ලෝක ශූරයින්ට දුන් දරුණු පරාජය

Date:

බංග්ලාදේශය හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ඩකා නුවර පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කරමින් ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට තරග 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක් අත් කර දීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

මෙය 20යි 20 ද්විපාර්ශ්වික තරගාවලි ඉතිහාසයේ දී එංගලන්ත කණ්ඩායම තරග 3-0 ක් ලෙස තරගාවලියක් පරාජයට පත් වූ දෙවැනි අවස්ථාවයි. මීට පෙර ඔස්ට්‍රේලියාව හමුවේ 2014 වසරේ දී පමණක් ඔවුන් එලෙස පරාජයට පත්ව තිබුණා.

අවසන් තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය සිය ඉනිමට මනා ආරම්භයක් ලබා ගත් අතර, ඔවුන් පන්දුවාර 13 ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100 ක්.

කෙසේ වෙතත්, අනතුරුව ඔවුන්ගේ ඉනිමේ කඩාවැටීමක් සිදු වූ අතර, පන්දුවාර 20 අවසානයේ දී එංගලන්තය කඩුලු 6 ක් දැවී ලබා ගත්තේ ලකුණු 142 ක් පමණයි. එනම්, අවසන් පන්දු 42 තුළ දී එංගලන්තය කඩුලු 5 කට ලබා ගත්තේ ලකුණු 42 ක් පමණයි. අවසන් කඩුලු 5 දැවී ගියේ ලකුණු 28 ක් තුළ දීයි.

ආරම්භක පිතිකරුවෙකු වූ පිල් සෝල්ට් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ලට ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් මලාන් සමග පිටියේ එක් වූ නායක ජොස් බට්ලර් සමත් වුණා. මලාන් ලකුණු 53 කටත්, බට්ලර් ලකුණු 40 කටත් දැවී ගියේ පිට පිට පන්දු දෙකක් තුළදීයි.

අනතුරුව බෙන් ඩකට් ලකුණු 11 කටත්, මොයීන් අලී ලකුණු 9කටත්, සෑම් කරන් ලකුණු 4 කටත් දැවී ගියා. ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 13 යි. පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් කඩුලු 2 ක් දවා ගත් අතර, තන්වීර් ඉස්ලාම්, ශකිබ් අල් හසාන් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 158 ක් නියමිත පන්දුවාර 20 තුළ ලබා ගත්තේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.

ලිටොන් දාස් ලකුණු 73 (57) ක් හා රෝනි තලුක්දාර් ලකුණු 24 ක් ලබා සිටියදී දැවී ගියා. තරගාවලිය පුරා ලකුණු අතර රැදී සිටි නජ්මුල් හොසේන් ශන්ටෝ තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ මෙම ඉනිමේ දී පන්දු 36 කින් ලකුණු 47 ක් නොදැවී වාර්තා කරමින්. ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 4යි.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් හා ක්‍රිස් ජෝර්ඩන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගාවලිය දෙරට අතර පැවැති පළමු පන්දුවාර 20යි 20 ද්විපාර්ශ්වික තරගාවලිය වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...