අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නිවේදනය කෙරේ

Date:

පෙබරවාරි මාසයේ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය එංගලන්ත පිතිකරු හැරී බෘෘක්ට හිමිව තිබෙනවා.

ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි Gudakesh Motie ද මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ නමුත්, ඔවුන් අභිබවා යමින් අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවැනි වරටත් හිමි කර ගැනීමට හැරී බෘෘක් සමත් වුණා.

2022 දෙසැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුයි.

පෙබරවාරි මාසයේ දී 24 හැවිරිදි බෘෘක් නවසීලන්තයට එරෙහිව ටෙස්ට් අර්ධ ශතක දෙකක් හා ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එහිදී ඔහු සිය ශතකය තම හොදම ටෙස්ට් ඉනිම බවට පරිවර්තනය කළේ ලකුණු 186 ක් රැස් කරමින්.

මේ අතර, පෙබරවාරි මාසයේ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔස්ට්‍රේලියාවේ Ashleigh Gardner.

නිමා වූ කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ඇය ලකුණු 110 ක් වාර්තා කළේ  36.66 ක පිතිකරණ සාමාන්‍යයක් සමගින්.

එමෙන්ම ඇය එම තරගාවලියේ දී කඩුලු 10 ක් ද දවා ගැනීමට සමත් වුණා. තරගාවලියේ වීරවරිය සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඇයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...