Watch : තෙවැනි දිනයේ පළමු කඩුල්ල ප්‍රභාත් දවා ගත් හැටි

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(11).

ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 25 ක් ලබා සිටියදී දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ. පන්දු 57 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් වුණා.

බ්‍රේස්වෙල් දැවී යන විට නවසීලන්ත ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 188 ක් ලෙසයි.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ඩැරල් මිචෙල් අද දිනයේ දී සිය 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ද සමත් වුණා.

මේ වන විට ශ්‍රී ලංකාවේ විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයට ඇතුළත් Review අවස්ථා තුනම අවසන්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...