ශ්‍රී ලංකා සංයුතිය ගැන දිමුත් නවසීලන්තයේ සිට කරුණු පදහයි ; ක්‍රීඩා කළ හැකි කණ්ඩායම මෙන්න

Date:

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නැතත්, වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා දග පන්දු යවන්නෙකු සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සකස් වනු ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

අද(7) පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් දිමුත් සදහන් කළේ ක්‍රයිස්චර්ච් ප්‍රදේශයේ මේ දිනවල පවතින කාළගුණ තත්ත්වයට අනුව පළමු ටෙස්ට් තරගයේ තණතීරුව දග පන්දු යවන්නන්ට ද යම් සහායක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

දග පන්දු යවන්නෙකු ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද යොදා ගත හැකි බැවින් ඔහු සමග තවත් එක් ප්‍රධාන දග පන්දු යවන්නෙකු ද ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නායකයා පෙන්වා දුන්නා. (දර්ශන පහතින් නරඹන්න)

දිමුත් කරුණාරත්න වැඩිදුරටත් කියා සිටියේ කණ්ඩායමේ පිතිකරුවන් පසුගිය කාලයේ ලකුණු අතර රැදී සිටිමින් දක්ෂතා දක්වා ඇති බැවින්  පිතිකරණ අංශයේ වෙනසක් පළමු තරගයේ දී අපේක්ෂා කළ නොහැකි බවයි.

නවක පිතිකරු නිශාන් මදුෂ්ක සංචිතයේ රැදී සිටියද අවාසනාවකට ඔහුට මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට පවතින අවස්ථාව ඉතා සීමිත බව දිමුත්ගේ අදහසයි.

කෙසේ වෙතත්, මුල්පෙල පිතිකරුවෙකු ආබාධයකට ලක් වුවහොත් එම ක්‍රීඩකයා වෙනුවට නිශාන් මදුෂ්කට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාවක් පවතින බව ද ශ්‍රී ලංකා නායකයා පෙන්වා දුන්නා.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි. මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි.

මාර්තු 25 වැනිදා එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එම තරගාවලියේ තරග පිළිවෙලින් ඔක්ලන්ඩ්, ක්‍රයිස්චර්ච් හා හැමිල්ටන් හී දී පැවැත්වීමට නියමිතයි.

පසුව 20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වනවා. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මාධ්‍ය හමුවේ දී දිමුත් කරුණාරත්න සදහන් කළ ආකාරයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් –

දිමුත් කරුණාරත්න, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල,කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක් වූ දිමුත් කරුණාරත්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...