WPL පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දැවැන්ත ජයක්

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 143 කින් පරාජයට පත් වූයේ ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායමයි.

මුම්බායි හි D Y පටිල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 207 ක් රැස් කළා.

Hayley Matthews ලකුණු 47 ක් ලබා ගත් අතර, Amelia Kerr නොදැවී ලකුණු 45 ක් ලබා ගත්තා. Harmanpreet Kaur පන්දු 30 කින් ලකුණු 65 ක් වාර්තා කළේ හතරේ පහර 14 ක් සමගින්.

පන්දු යැවීමේ දී Sneh Rana ලකුණු 43 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් පිලට පන්දුවාර 15.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 64 ක් පමණයි.

Dayalan Hemalatha නොදැවී ලකුණු 29 ක් ලබා ගත් අතර, Monica Patel ලකුණු 10යි.

පන්දු යැවීමේ දී Saika Ishaque ලකුණු 11 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...