දඹුල්ල ශූරතාවය අභියස ; ගාල්ල ලකුණු 165 ක් පිටුපසින්

Date:

දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද (4) නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු දඹුල්ල කණ්ඩායමට හිමි කරමින්.

ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යමින් සිටි ගාලු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියා. ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඔවුන් තවත් ලකුණු 165 ක් ලබා ගත යුතුයි.

පැතුම් කුමාර නොදැවී ලකුණු 26 ක් හා දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 4 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පසිදු සූරියබණ්ඩාර ලකුණු 19 කට දැවී ගිය අතර, සොහාන් ද ලිවේරා ලකුණු 17 යි. පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තෙවැනි දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 196 ක් රැස් කළා.

සොනාල් දිනූෂ ලකුණු 59 ක් ද, රනිත ලියනආරච්චි ලකුණු 45 ක් ද, අශාන් ප්‍රියන්ජන් ලකුණු 39 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී මොහමඩ් ශිරාස් කඩුලු 5 ක් බිද හෙලුවේ ලකුණු 52 ක් ලබා දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 248 ක් රැස් කිරීමට සමත් වූ අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 187 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...