රෝයි හා කරන්ගේ දක්ෂතා එංගලන්තයට තරගාවලියේ ජය තහවුරු කරයි

Date:

ජේසන් රෝයි වාර්තා කළ ලකුණු 132 න් හා සෑම් කරන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 132 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මීර්පූර්හී දී අද (3) පැවැති මෙම තරගයෙන් ලැබූ ජයත් සමග තරග 3කින් යුත් තරගාවලියේ ජය ද තරග 2-0 ක් ලෙස තහවුරු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 326 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ජේසන් රෝයි ලකුණු 132 ක් වාර්තා කළේ පන්දු 124 කින්. හයේ පහරක් හා හතරේ පහර 18 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක ජොස් බට්ලර් ලකුණු 76(64) යි. මොයීන් අලී ලකුණු 42 (35) ක් ද, සෑම් කරන් නොදැවී ලකුණු 33 (19) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 66 කට කඩුලු 3 ක් දවා ගත්තා. මෙහිදි හසාන් මිරාස් කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 73 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 194 ක් පමණයි.

ශකිබ් අල් හසාන් ලකුණු 58 ක් ද, ටමිම් ඉක්බාල් ලකුණු 35 ක් ද, මහ්මුදුල්ලාහ් ලකුණු 32 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී සෑම් කරන් පන්දුවාර 6.4 ක් තුළ කඩුලු 4 ක් දවා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 29 ක් ලබා දෙමින්. අඩිල් රෂීඩ් ලකුණු 45 කට කඩුලු 4 ක් දවා ගත්තා.

බංග්ලාදේශය සිය රටේ දී ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් මෙලෙස පරාජයට පත් වූයේ 2016 වසරෙන් පසුවයි. 2016 වසරේ දී ද ඔවුන් පරාජයට පත් වූයේ එංගලන්තය හමුවේම වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...