NSL Final : දඹුල්ල ලකුණු 177 ක් ඉදිරියෙන්

Date:

දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය අදයි (3).

ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අද නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

සොනාල් දිනූෂ නොදැවී ලකුණු 51 ක් ද, අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 34 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී මොහමඩ් ශිරාස් කඩුලු 2 ක් බිද හෙලුවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාලු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 187 ක්. පැතුම් කුමාර ලකුණු 78 ක් හා සුමින්ද ලක්ෂාන් ලකුණු 41 ක් රැස් කළා. පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 64 කට කඩුලු 4 ක් දවා ගත්තා. ලහිරු සමරකෝන් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 42 කටයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 248 ක් රැස් කිරීමට සමත් වුණා.

මේ වන විට දඹුල්ල කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 177 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...